මුලතිව් ගුවන් හමුදා කඳවුර සිය 11 වන සංවත්සරය සමරයි
8:20am on Monday 8th August 2022
මුලතිව් ගුවන් හමුදා කඳවුර එහි 11 වන සංවත්සරය අද (2022 අගෝස්තු 03) අභිමානවත් ලෙස සැමරූ අතර සැමරුම ආරම්භ වූයේ වැඩ පෙළපාලියකින් සහ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ඒඩීආර් ලියනආරච්චිගේ විසින් කඳවුරේ සියලුම නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතීමෙන් අනතුරුව ආගමික වතාවත් සහ එල්ලේ තරඟාවලියකින් අනතුරුවය.

සංවත්සර උත්සවයට සමගාමීව 2022 අගෝස්තු මස 01 වන දින මුලතිව් අලම්පිල් ළමා නිවාසයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය පිංකමක් පවත්වන ලදී. අනතුරුව 2022 අගෝස්තු 02 වන දින මුලතිව් ගුවන් හමුදා කඳවුරේදී ලේ දන්දීමේ ව්‍යාපාරයක් සහ වට්ටප්පලෙයි හන්දියේ පිහිටි බස් නැවතුම් දෙකක් ප්‍රතිසංස්කරණය කර 2022 ජුලි 31 වන දින කදවුරු අණදෙන නිලධාරි, නිලධාරීන් සහ ගුවන් භටයින්ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි