කොළඹ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියා වැඩ භාරගනී
12:21pm on Tuesday 9th August 2022
කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිලධාරි වැඩභාර ගැනීම අද දින (2022 අගෝස්තු 08) කදවුරු පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදී එයාර් වයිස් මාර්ෂල් එම් ඩි ජේ වාසගේ විසින් එයාර් කොමඩෝර් පී එස් එන් ප්‍රනාන්දු වෙත නව තනතුරේ රාජකාරි භාරදෙන ලදි.

වසර 35ක කීර්තිමත් සහ කැපවූ සේවයෙන් පසු පිටත්ව යන අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ඩිල්ෂාන් වාසගේ මහතා අද (2022 අගෝස්තු 08) ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමුගැනීමට නියමිතය.

නව අණදෙන නිලධාරී එයාර් කොමදෝරු පී.එස්.එන්. ප්‍රනාන්දු මහතා කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණෙදෙන නිලධාරි ලෙස කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි