අංක 1 ප්‍රහාරක නියාමකවරුන් බඳවා ගැනීමේ පාඨමාලාවේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවයක් පැවැත්විණි
9:34am on Wednesday 17th August 2022
ජාතික ගුවන් ආරක්ෂක ජාලයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානය විසින් ප්‍රථම වරට ප්‍රහාරක නියාමකවරුන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාවෙහි  සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය මීරිගම ගුවන් හමුදා කඳවුරේදී ඊයේ (2022 අගෝස්තු 12) දින පවත්වන ලදී.

මීරිගම ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන්  ඩී.එස්.සී ප්‍රනාන්දු මහාතාගේ මගපෙන්වීම යටතේ එම කඳවුරේ සියලුම නිලධාරීන් විසින් උත්සවය සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එල්.එච්.සුමනවීර මහාතා සහභාගි වූ අතර නියෝජ්‍ය සමස්ත මෙහෙයුම් අණදෙන ගුවන් ආරක්ෂක නිලධාරී  ගෲප් කැප්ටන් ඩබ්ලිව්.ඩබ්.එන්.ටී.පී ප්‍රනාන්දු මහතා ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව සති 07ක් පුරාවට න්‍යායික හා ප්‍රායෝගික සැසි ඇතුළුව බාහිර කථිකාචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් සහ ගුවන් හමුදා අභ්‍යන්තර ගුවන් ආරක්ෂක අංශ වෙත ක්ෂේත්‍ර චාරිකා සිදු කරමින් පවත්වන ලදී. පාඨමාලාව අතරතුරදී ශිෂ්‍ය නිලධාරීන් දෙදෙනෙක්  ප්‍රහාරක නියාමකවරුන් පාලනය පිළිබඳව ඉගෙන ගත්හ. ප්‍රහාරක නියාමකවරුන් බඳවා ගැනීමේ පාඨමාලාව මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ශිෂ්‍ය නිලධාරීන් දෙදෙනාට සහතික පත් ප්‍රදානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි