ආරාධිත කාන්තා අන්තර් සමාජ T20 ක්‍රිකට් තරගාවලිය -2022 ගුවන් හමුදා කාන්තා කන්ඩායම අනුශූරතාවය දිනා ගනී
9:28am on Thursday 18th August 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා සහ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තර්ස්ටන් පිටියේදී 2022 අගෝස්තු 15 වන දින පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත කාන්තා අන්තර් සමාජ ක්‍රිකට් T20 ලීග් 2022 තරඟාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායම විසින් දිනා ගන්නා ලදී. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 121 ලබා ගත්හ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07 දැවී ලකුණු 113ක් රැස් කරන ලදී.

ලකුණු සටහන
ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම පන්දු වාර 20 ට  121/7
හංසිමා කරුණාරත්න ලකුණු 25යි
මධුරි සමුද්‍රිකා ලකුණු 23 (නොදැවී)
නිලක්ෂණා සදමිණි ලකුණු 21 යි

පන්දු යැවීමේ දී නායක ගුවන් කාන්තා සමරසිංහ ලකුණු 19කට කඩුලු 03ක් දවා ගන්නා ලදී
කෝප්‍රල් මධුවන්ති ලකුණු 19කට කඩුලු 02ක් දවා ගන්නා ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඕවර 20 කදී 113/7
කෝප්‍රල් මනෝදර ලකුණු 40යි
කෝප්‍රල් පොල්ගම්පල ලකුණු 19යි
නායක ගුවන් කාන්තා පසරා ලකුණු 14 යි

මධුරි සමුද්‍රිකා ලකුණු 21කට කඩුලු 02ක් දවා ගන්නා ලදී
සත්‍යා සංදීපනී ලකුණු 23කට කඩුලු 02ක් දවා ගන්නා ලදී
චන්දිමා ගුණරත්න ලකුණු 20කට කඩුලු 01ක් දවා ගන්නා ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි