ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි
2:04pm on Tuesday 30th August 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉදිකරන ලද නිවසක් බළලත් නිලධාරි එම්.ජී.ඩී.එන්.මුණසිංහ මහතා වෙත භාරදෙන ලදී. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිවස ප්‍රධානය කිරීමේ උත්සවය අද දින (2022 අගෝස්තු 24) පල්ලෙපිටිය කුරුඳුවත්ත කඩවීදියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබූ අතර එහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර මගින් සිදු කරන ලදී. සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ උපදෙස් මත සහ ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තුසර බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ලේකම්, විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අංක 07 ගුවන් ආරක්ෂක බලඝණයේ අණදෙන නිලධාරී, ස්කොඩ්‍රන් ලීඩර් සංඛ රණසිංහ, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ සීමිත නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි