2022 ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම පවත්වයි
2:08pm on Tuesday 30th August 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම - 2022 අද දින (2022 අගෝස්තු 26) ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ගේ භාර්යාවන්, ගුවන් හමුදා කඳවුරු වල සේවා වනිතා ඒකක සම්බන්ධීකාරකවරුන් හා අංශ භාර නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගීය ගායනා කිරීමෙන් අනතුරුව උත්සවය ආරම්භ වූ අතර, සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලදී. සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු මහතා විසින් පෙර පැවති  මහා සභා රැස්වීමේ වාර්ථාව කියවීම ඉන් අනතුරුව සිදු විය. සේවා වනිතා ඒකකයේ භාණ්ඩාගාරික, ස්කොඩ්‍රන් ලීඩර් සහන් ගමගේ විසින් 2019 සිට 2021 දක්වා මුල්‍ය වාර්තා කියවන ලදී. ඊට අමතරව, ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් 2020 වර්ෂය දක්වා පවත්වනු ලැබූ ප්‍රජා සේවා සත්කාර සාරාංශය වීඩියෝ පටයකින් ඉදිරිපත් කරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි