මුතුරාජවෙල තෙත්බිම් රක්ෂිතයේ ගින්න නිවා දැමීමට ගුවන් හමුදා සහාය
2:10pm on Tuesday 30th August 2022
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට අනුව අද (2022 අගෝස්තු 26) සවස ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මුතුරාජවෙල කෙරවලපිටියේ රක්ෂිත තෙත් බිමේ හටගත් දරුණු ගින්නක් මැඩපැවැත්වීම සඳහා සහය වීමට කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට ලීටර් 980 බම්බි බකට් සහිත බෙල් 412 හෙලිකොප්ටරයක් යොදවන ලදී..

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි අංක 4 බලඝණයේ බෙල් - 412 හෙලිකොප්ටරයක් බම්බි බකට් මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා ලදී. මීට අමතරව, තත්වය නිරන්තරව අධීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන ස්ථානගත කර ඇත. බෙල් - 412 හෙලිකොප්ටරය ආපසු පැමිණීමට පෙර බැම්බි බකට් මෙහෙයුම් 22 ක් සිදු කළේය.

ඒ සමගම මෙම මෙහෙයුම සඳහා අතිරේක සහය ලබා දීම සඳහා ගිනි නිවන රථ සහ ගිනි නිවන භටයන්ද යොදවා ඇත.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි