ජාතික වොලිබෝල් පිරිමි හා කාන්තා ශූරතා ද්ත්වයම දිනා ගැනිමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සමත් වෙයි
7:17pm on Thursday 8th September 2022
මහරගම තරුණසේවා සභා ගෘහස්ත වොලිබෝල් ක‍්‍රිඩාංගනයේ දි පැවති ජාතික සුපර් ලිග් වොලිබෝල් තරගාවළියේ පිරිමි හා කාන්තා ශුරතාවයන් ද්ත්වයම දිනා ගැනිමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායමි සමත් විය

මෙම තරගාවළියේ කාන්තා  අවසන් මහා තරගයේ දි ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම හා ශ‍්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායම තරග වැදුනු අතර එහි පළමු වටයේ ලකුණු 25 ට 17 ක් ලෙස ශ‍්‍රි ලංකා යුධ හමුදා කාන්තා කණ්ඩායම ජය ගැනිමට සමත් විය දෙවන වටයේ සිට ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ඉතා දක්ෂලෙස තරගයට අවතිරණ වෙමින් ලකුණු 25 ට 21 ක් ලකුණු  25 ට  23 ක්  හා ලකුණු  25 ට 20 ක් ලෙස පිළිවෙළින් වට තුනම  ජයශ‍්‍රහනය කරමින් කාන්තා ශුරතාවය දිනා ගැනිමට සමත් විය   

මංචි සුපර් වොලිබෝල් ශුරතා පිරිමි අවසන් තරගය ගුවන් හමුදාව කණ්ඩායම සමග විදුලි බල මණ්ඩල කණ්ඩායම  අතර පැවති අතර එහිදි පළමු තරග වටය  ලකුණු 27  ට 25 ක් ලෙසත් දෙවන වටය ලකුණු 25 ට 22 ක් ලෙසත් තුන්වන වටය ලකුණු 25 ට 21 ක් ලෙසත් පිට පිටම තරග වට තුනම ජය ගනිමින් මංචි ජාතික සුපර් වොලිබෝල් ශුරතාවළිය තමන් සතු කර ගැනිමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමත් විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි