අදිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල 22 වැනි සංවත්සරය සමරයි
8:43am on Friday 9th September 2022
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල  (2022 සැප්තැම්බර් 01) දින සිය 22 වන සංවත්සරය අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ආර් එන් ඩි සේනාධීර නිලධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සමරන ලදී. අණදෙන නිළධාරීතුමා විසින් සියලුම නිලයන් ඇමතීමෙන් සැමරුම් උත්සවය ආරම්භ විය.

අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාසල ගුවන් හමුදාවේ සහ අනෙකුත් සහෝදර හමුදාවන්හි  අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත්  නායකත්වය සහ කළමනාකරණ කුසලතා වර්ධනය කිරීම සඳහා මෙම පාසල ප්‍රධාන වශයෙන් කැපවී ඇත. මේ වන විට පාසල විසින් පසුගිය කාලය තුළ ගුවන් හමුදා සාමාජිකයින් 6000 කට අධික සංඛ්‍යාවක්, යුධ හමුදා සාමාජිකයින් 60 ක් සහ නාවික හමුදා සාමාජිකයින් 108 දෙනෙකු පාඨමාලාව හදාරා ඇත. මෙම පාසල 2022 වර්ෂය තුළ ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා ප්‍රථම වරට විදේශීය සිසුන් ඇතුළත් කර ගනිමින් විශිෂ්ඨ සන්ධිස්ථානයක් ලෙස ඉතිහාසයට එක්විනි අද වන විටත් මාලදිවයින් සාමාජිකයින් දෙදෙනෙකු , පකිස්ථානය සාමාජිකයින් දෙදෙනෙකු සහ සැම්බියානු එක් සාමාජිකයෙක්  දැනට පවතින අධිකාරී නොලත් නිලධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව හදාරමින් සිටිති

සේවා පරිපාලනය, කළමනාකරණය,නායකත්ව කුසලතා, ඉදිරිපත් කිරීමේ කුසලතා, චාරිත්‍ර වාරිත්‍ර, ආචාර විධි සහ සමාජ වගකීම් පිළිබඳ දැනුවත් කරමින් අදාළ සේවාවන්හි හොඳින් ක්‍රියා කිරීමට මෙම පාසල දැනුම ලබා දෙයි. එසේම පුහුණුලාභීන්ට රජරට විශ්වවිද්‍යාලය මගින් පිරිනමන කළමනාකරණ සහතිකයක් ද පිරිනමා ඇත.

22 වැනි සංවත්සර උත්සවය නිමිත්තෙන් නිළධාරීන්, උපදේශකවරුන් සහ අභ්‍යාසලාභීන්ගේ ස්වේච්ඡා දායකත්වයෙන් ත්‍රිකුණාමලය "ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ" රුක් රෝපණ වැඩසටහනක් සහ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි