කටුනායක ගුවන් හමුදා කඳවුර 71 වැනි සංවත්සරය සමරයි
8:48am on Friday 9th September 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර සිය 71 වන සංවත්සරය (2022 සැප්තැම්බර් 01) දින සමරනු ලැබීය. කටුනායක ගුවන් හමුදා කඳවුර 1940 දී රාජකීය ගුවන් හමුදාව විසින් සංක්‍රමණ කඳවුරක් ලෙස ආරම්භ කරන ලදී.1948 ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු කටුනායක කඳවුර 1951 සැප්තැම්බර් 01 වන දින ගුවන් යානා 4 කින් සමන්විත පියාසර පක්ෂාංගයක් ලෙස නැවත ආරම්භ කරන ලදී. මෙම කඳවුරේ පළමු අණදෙන නිලධාරියා බළඝණ නායක එල් ඡි ලන්ග් වන අතර මේ දක්වා නිලධාරීන් 45 දෙනෙකු මෙම කඳවුරෙහි අණදෙන නිළධාරීන් වශයෙන් කටයුතු කර  ඇත. දැනට කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි තනතුර   එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර නිළධාරීතුමන් විසින් දරනු ලබයි

කඳවුරේ 71 වැනි සංවත්සරයට සමගාමීව අණදෙන නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ 2022 අගෝස්තු 23 වැනි දින මීගමුව අබේසේකරාරාමය, ඇවරියවත්ත පන්සල, විජයාරාමය, කටුවාපිටිය දේවස්ථානය සහ මිනුවන්ගොඩ මහෝසු ළමා සංවර්ධන මධ්‍යස්ථානය යන ස්ථානවල ශ්‍රමදාන ව්‍යාපාර පවත්වන ලදී. 2022 අගෝස්තු 29 වන දින කටුනායක ගුවන් හමුදා රෝහලේ මූලිකත්වයෙන් ක්‍රීඩා පිටි සංකීර්ණය තුල ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී  .

කඳවුරු අණදෙන නිළධාරීතුමා විසින් කඳවුරේ සිටි සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතීමෙන් අනතුරුව රුක් රෝපණ වැඩසටහනක් සහ  ක්‍රීඩා පිටියේදී දැල්පන්දු සහ ක්‍රිකට් තරගයක් පවත්වන ලදී. 71 වැනි සංවත්සරයේ අවසන් ඉසව්ව ලෙස ක්‍රීඩා පිටියේ සංගීත සංදර්ශනයක් පවත්වන ලද අතර මෙම අවස්ථාව සදහා කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීරල අනෙකුත් නිලධාරීන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සෙසු නිලයින්  සහභාගී විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි