කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 2 බර ප්‍රවාහන බලඝණය 65 වැනි සංවත්සරය සමරයි
8:50am on Friday 9th September 2022
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 2 බර ප්‍රවාහන බලඝණය (2022 සැප්තැම්බර් 01) දින සිය 65 වන සංවත්සරය සමරන ලදීග ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් පී එච් මෙන්ඩිස් මහතා ගේ අණ යටතේ 1957 සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී මෙම බලඝණය ස්ථාපිත කරන ලදී. 1985 වර්ෂයේදී එය රත්මලාන ගුවන් හමුදා කඳවුරට ගෙන ගොස් ඇති අතර පසුව 2011 වර්ෂයේදී එය නැවත කටුනායක ගුවන් හමුදා කඳවුරට ගෙන යන ලදී. මේ දක්වා අණදෙන නිලධාරීන් 32 දෙනෙකු මෙම කඳවුරෙහි අණදෙන නිළධාරීන් වශයෙන් කටයුතු කර ඇත. පසුගිය වසර 65 තුළ මෙම බලඝණය Air Speed Oxford, Prestwick Pioneer, De Havilland Dove, DC3 Dakota, S 51 Dragon Fly Helicopter, De Havilland  Heron, De Havilland Rily Heron, Cessna 337 ඇතුළු විවිධ ගුවන් යානා 17ක් පියාසර කර ඇත.

නියමිත ගුවන් ගමන් පැරෂුට් පුහුණුවල VIP/VVIP ප්‍රවාහනය සහ විදේශීය ගුවන් ගමන් මෙහෙයුම් ගුවන් ප්‍රවාහන මෙහෙයුම් බළගණයේ ප්‍රධාන කාර්ය භාරය වේ තවද නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ ගුවන් ගමන් පැවැත්වීම ද බලඝණයට පැවරී ඇත ඊලාම් යුද්ධයේදී 1991 සිට 2009 දක්වා යාපනය අර්ධද්වීපය කොළඹ හා සම්බන්ධ කරමින් වසර 20කට ආසන්න කාලයක් අඛණ්ඩ ගුවන් ගමන් පවත්වාගෙන යාම සඳහා බලඝණය විශිෂඨ කාර්යභාරයක් ඉටු කළේය. 2009 වසරේ දී අංක 2 බලඝණයට ජනාධිපති වර්ණ පිරිනමන ලද්දේ ජාතිය වෙනුවෙන් කළ ඉමහත් සේවය අගයමිනි.

සංවත්සරයට සමගාමීව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේ ඩබ් එන් එස් ඩි වෙලගෙදර නිළධාරීතුමාගේ මගපෙන්වීමට අනුව මියගිය විරුවන්ට උපහාර පිදීමේ උත්සවයක්ල ශ්‍රමදාන වැඩසටහනක් සහ කදිරාන ශෝබාරාම විහාරස්ථානයේ දානමය පිංකමක් සහ බලඝණ පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. තවද බළගණය විසින් කටාන ශාන්ත ආනා ළමා නිවාසයට ශබ්ද විකාශන යන්ත්‍රයක් පරිත්‍යාග කරන ලදී. අනතුරුව කඳවුරු අණදෙන නිලධාරීතුමන් සහ විශ්‍රාමික  ප්‍රවීණයන්  කිහිප දෙනෙකු සහ  බලඝණයේ සියලුම  නිලධාරීන් සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් සංගීත රාත්‍රියකින් උත්සවය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි