මාලදිවයින් මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයින් සහ ගුවන් හමුදාපතිවරයා අතර හමුවක්
8:54am on Friday 9th September 2022
ශ්‍රී ලංකාවේ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් කාර්යාලයේ මාලදිවයින් ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් හසන් අමීර් මහතා (2022 සැප්තැම්බර් 02) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

මාලදිවයින් ආරක්ෂක උපදේශක කර්නල් ඉස්මයිල් නසීර් මහතා ද ගුවන් හමුදාධිපතිතුමන් වෙත  ගුවන් හමුදාධිපතිතුමන්ගේ ධුර කාලය තුළ ලබාදුන් සියලු සහයෝගීතාවයන් වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළේය.අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැමිණි ආරක්‍ෂක උපදේශකවරුන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි