ගුවන් හමුදාධිපතිතුමන් විසින් ජාතික ආරක්ෂක විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
8:57am on Friday 9th September 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් ඔහුගේ ආර්යාව වන චාමිණි පතිරණ මහත්මිය සමඟ එක්ව  ජාතික ආරක්ෂක විද්‍යාලයේ පළමු පාඨමාලාව හදාරන්නන් සහ ඔවුන්ගේ භාර්යාවන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්  (2022 සැප්තැම්බර් 02) දින ගුවන් හමුදාධිපති නිළ නිවසේදී පවත්වන ලදී. ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඇතුළු පිරිස වෙත සිය  කෘතඥතාව සහ ගෞරවය ප්‍රකාශ කරමින් ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට හමුදා සම්ප්‍රදායක් ලෙස මෙය පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි