ගුවන් හමුදාපති මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ නිල සංචාරයක නිරත වෙයි
9:02am on Friday 9th September 2022
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ගුවන් හමුදා කඳවුරුවල  නිල සංචාර ගනනාවකින් අනතුරුව  (2022 සැප්තැම්බර් 03) දින ගුවන් හමුදා මඩකලපුව කඳවුරු සංචාරය දවසේ අවසන් ස්ථානය බවට පත් කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් සමඟ මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රදීප් වර්ණසූරිය මහතාද එම කඳවුරෙහි සංචාර සදහා සහභාගී විය. ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරෙහි කෘෂි ඒකකය, ගුවන් භටයින්ගේ භෝඡනාගාරය වෙත ගොස් එය පවත්වාගෙන යන ප්‍රමිතීන් සහ සංවර්ධනයේ ප්‍රගතිය පිළිබදව සොයා බලන ලදී.

අනතුරුවල ගුවන් හමුදාධිපතිතුමන් විසින්  සුභසාධනල සේවා,යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සදහා සේවා සහ සිවිල් නිලධාරීන්ගේ පිරිසක් සමග සම්මුඛ සාකච්ඡාවට පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි