ගුවන් හමුදාධිපතිතුමන් වවුනියාව ගුවන් හමුදා කඳවුරේ නිල සංචාරයක නිරත වෙයි
3:38pm on Friday 9th September 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා  (2022 සැප්තැම්බර් 04) දින වවුනියාව ගුවන් හමුදා කඳවුරේ නිල සංචාරයක නිරත විය. සංචාරය සදහා වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නුෂාන් රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදාධිපතිතුමා විසින් අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සහ නිලධාරීන්ගේ භෝඡනාගාර වෙත ගොස් එය පවත්වාගෙන යනු ලබන ආකාරය සොයා බලන අතර විශේෂයෙන්ම  ගුවන් භටයන්ට සහ ගුවන් කාන්තාවන්ට ලබාදෙන ආහාරවල ප්‍රමාණය, ප්‍රමිතිය සහ පෝෂණ ප්‍රමිතීන් පිළිබඳව සහතික කිරීමේ අරමුණින් ගුවන් භටයින්ගේ භෝඡනාගාර පරිශ්‍රයේදී  නිරීක්ෂණයක් සිදු කරන ලදී.

අනතුරුවල ගුවන් හමුදාධිපතිතුමන් විසින්  සුභසාධනල සේවා,යටිතල පහසුකම් සහ ජීවන තත්ත්වය පිළිබඳ කරුණු විමර්ශනය කිරීම සදහා සේවා සහ සිවිල් නිලධාරීන්ගේ පිරිසක් සමග සම්මුඛ සාකච්ඡාවට පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි