එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්ත පායෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදෙයි
10:47am on Tuesday 20th September 2022
එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්ත පායෝ RWP, RSP, USP, MSc (NSWS - Pak), ndc (Pak), psc ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 37 ක කැපවූ සේවය නිම කිරීමෙන් පසු අද (2022 සැප්තැම්බර් 12) දිනට සමුදෙයි. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් පායෝ අද ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවී නිල සමුගැනීමේ හමුවක් ඔහුගේ කාර්යාලයේදී සිදු කරන ලදී. ගුවන් හමුදාධිපතිතුමන් ජාතිය වෙනුවෙන් සහ විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් වසර ගණනාවක් කැපවී කළ සේවය වෙනුවෙන් ඔහුව ඇගයීමට ලක් කළේය. අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ බවත් ඔහුගේ වීරෝදාර ඉතිහාසය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාපතිතුමන් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පයෝ මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී. ඉන් අනතුරුව, ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර එදිනම (2022 සැප්තැම්බර් 12) ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්ත පායෝ 1967 සැප්තැම්බර් 12 වැනි දින බදුල්ලේදී උපත ලැබූහ. පාසල් සමයේදී දක්ෂ ශිෂ්‍යයකු මෙන්ම තුන් ඉරියව් දස්කම් දැක්වූ ඔහු බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ සාඩම්බර නිමැවුමකි.

 ඔහු 1985 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 15 වන බඳවා ගැනීම් සඳහා කැඩෙට් නිලධාරියෙකු ලෙස සම්බන්ධ වූ අතර දියතලාව සටන් පුහුණු පාසලේ මූලික සටන් පුහුණුව ලබා 1987 වසරේ සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ නියමු නිලධාරියෙකු ලෙස පත් විය. පසුව චීන වරාය ගුවන් හමුදා විද්‍යපීඨයේ මූලික පියාසර පුහුණුව විශිෂ්ට ලෙස සිදු කළ ඔහු වැඩිදුර පියාසර පුහුණුව සඳහා පකිස්ථානයට ගියේය. 1988 දී පකිස්තානයේ හමුදා නියමුවෙකු ලෙස උපාධිය ලබා පසුව, ඔහු නියමු නිලධාරි නිලයට පත් කරන ලද අතර ඔහු මුලින් අංක 4 හෙලිකොප්ටර් බලඝණයට අනුයුක්තව රාජකාරි සිදුකරන ලදි. එතැන් සිට, මෙහෙයුම් හෙලිකොප්ටර් නියමුවෙකු වශයෙන්, ඔහු දිවයිනේ ත්‍රස්තවාදී ගැටුමේදී සිදු කරන ලද සෑම ප්‍රධාන මෙහෙයුමකටම පාහේ සහභාගී විය. එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න පායෝ, ඒ සමගම විවිධ රොටර් වින්ග් ගුවන් යානා ගණනාවකට නායකත්වය දරමින් සිය වෘත්තීය ජීවිතයේ වෘත්තීය සන්ධිස්ථානයන් ක්‍රමානුකූලව අත්කර ගත්තේය.

 ඔහු මුලින් ශ්‍රී ලංකාවේ Cessna 150 සහ Chipmunk සහ පකිස්ථානයේ Mushak MFI 17 සහ T 37 ගුවන් යානා වල පුහුණුව ලබා ඇත. ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු බෙල් 206, බෙල් 212, බෙල් 412 සහ එම් අයි 24 හෙලිකොප්ටර් යානා සඳහා සුදුසුකම් ලබා ඇත. VVIP, VIP, සටන් සහ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වල නිරත වීමෙන් පසු ඔහු පියාසර කරන පැය 7200 ක් ඔහු විසින්  රැස් කර ගෙන ඇත. ඔහු 2004 වසරේ කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරියා ලෙස පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණය සහ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට අණ දෙන ලදී. මාණ්ඩලික පාඨමාලාව හැදෑරීමෙන් පසු ඔහු වවුනියාව ගුවන් හමුදා කඳවුරේ කදවුරු අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී. අනතුරුව ඔහු සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ගුවන් පක්‍ෂයේ ප්‍රධාන උපදේශක ලෙස පත් කරන ලදී. එයාර් වයිස් මාර්ෂල් පායෝ 2010 වසරේදී රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශකවරයා ලෙස කීර්තිමත් පත්වීම් ලැබීමෙන් පසු සිය වෘත්තීය ජීවිතය තුළ කැපී පෙනෙන දස්කමක් අත්කර ගත්තේය. ඔහු 2021 මාර්තු 09 වන දින මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට පෙර අධ්‍යක්ෂ පුහුණු සහ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස පත් කරන ලදී.

 ඔහු ඉන්දියාවේ කනිෂ්ඨ අණ සහ මාණ්ඩලික පාඨමාලාව, පකිස්ථානයේ පියාසර ආරක්ෂණ පාඨමාලාව, ඉන්දියාවේ උසස් ආරක්ෂක දිශානති පාඨමාලාව, පකිස්ථානයේ ගුවන් යානා අනතුරු විමර්ශන පාඨමාලාව සහ සිංගප්පූරුවේ සෙවුම් සහ මුදාගැනීමේ පරිපාලන පාඨමාලාව ඇතුළු විදේශීය පුහුණු පාඨමාලා ගණනාවක් හදාරා ඇත. ඔහු ගුවන් හමුදාව නියෝජනය කරමින් ජපානය, තායිලන්තය, රුසියාව, ඇලස්කාව සහ ගුවාම් යන රටවල සම්මන්ත්‍රණ සහ ඒකාබද්ධ අභ්‍යාස ගණනාවකට සහභාගී වී ඇත. ඔහු ශ්‍රී ලංකාවේ සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සාඩම්බර නිෂ්පාදනයක් වන අතර ජාතික ආරක්‍ෂාව සහ යුද සම්මන්ත්‍රණය පිළිබඳ පාකිස්තානයේ ඉස්ලාමාබාද් ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. ඔහුගේ නිර්භීතකම වෙනුවෙන් ඔහු රණ වික්‍රම පදක්කම සහ රණ සූර පද්දක්කම යන සම්මානයෙන් පිදුම් ලබා ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි