මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ගුවන් හමුදා 07 වන බලඇණිය සදහා පදක්කම් ප‍්‍රධානය කෙරේ
12:44pm on Monday 3rd October 2022
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා රාජකාරි කටයුතු සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සාර්ථකව රාජකාරි සිදුකල 07 වන සාමසාධක හමුදා බලඇණිය සදහා පදක්කම් ප‍්‍රධානය කිරිමේ පෙලපාලි උත්සවයක් පසුගිය දා මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ 07 වන සාමසාධක හමුදා අනුඛන්ඩ පරිශ‍්‍රයේදි පවත්වන ලදි. මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් සයිඞ් මොහමඞ් ෂහීඩි රහුමාන් මහතා සහභාගි විය.

 ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ සාම සාධක හමුදා රාජකාරියේ නියුතු 07 වන බලඇණිය වෙත පදක්කම් ප‍්‍රධානය කිරිමේ පෙලපාලියේ අණදෙන්නා ලෙස විංග් කමාන්ඩර් ජනක දොඩංගොඩ කටයුතු කල අතර ශ‍්‍රි ලංකා ගුවන් හමුදා නිලධාරින් 20 දෙනෙකු සහ ගුවන් භටයින් 90ක් හට පදක්කම් ප‍්‍රධානය කිරීම මෙහිදි සිදුකරන ලදි.

 ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ උපදෙස් මත අප‍්‍රිකානු ජනරජයේ සාමසාධක හමුදා අනුකණ්ඩයේ වාර්ෂික ඉහල පෙලේ අධීක්ෂණ පරීක්ෂනය සඳහා සහභාගි වි සිටි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මෙම අභිමානවත් අවස්ථාව සදහා සහභාගී වූ අතර

 MINUSCA හි ප‍්‍රධාන ගුවන් සේවා නිලාධාරි Charles Roger Amoussou මහතා නැගෙනහිර නියෝජ්‍ය අඥාපති කර්නල් Ahmed Gomaa Mohamed  සහ ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලඇණි ආඥාපති විංග් කමාන්ඩර් ප‍්‍රියංක හේරත් ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Medal Awarding Parade


Higher Level Supervision Visit


Chief of Staff paid a courtesy call to the Force Commander of MINUSCA Lieutenant General Daniel Sidiki Traore
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි