ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි
3:28am on Friday 21st October 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරන ලද නිවස බළපංති සැරයන් චන්දුල ඒජී වෙත භාරදීමේ උත්සවය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 ඔක්තෝබර් 05 දින පයාගල මැටියනමුල්ලේදී පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වන අතර ඉදිකිරීම් කටයුතු කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර විසින් සිදු කරන ලදී. සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ උපදෙස් මත කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි මහතාගේ අධීක්‍ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම උත්සවය සඳහා කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී, කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා සභාපති, ජයමිණි කුමාරසිංහ මහත්මිය, සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ නිලධාරීන් සහ සෙසු නිළයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි