විධායක කෘෂිකාර්මික ඒකකය විසින් ආඩිඅම්බලම ගොවි සංගමය සඳහා කිරි සැකසුම් සහ බොන්සායි කලාව පිළිබඳ විශේෂ වැඩමුළුවක් පවත්වනු ලබයි
7:35am on Monday 31st October 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ කටුනායක ගුවන් හමුදා  කඳවුරේ  කෘෂි ඒකකය විසින් කිරි නිෂ්පාදන සහ බොන්සායි පැල නිර්මාණය කිරීම පිළිබඳ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවි සංගමයේ සාමාජිකයින් සඳහා විශේෂ වැඩමුළුවක් 2022 ඔක්තෝම්බර් 04 සහ 05 දෙදින තුල පවත්වන ලදී.

ප්‍රදේශයේ ගොවීන් 30 දෙනෙකු සහ කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන සහකාරවරුන් දෙදෙනෙකු සඳහා සමාජ සේවා ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩමුළුව පවත්වන ලදී. මෙම වැඩමුළුවේදී ලබා දෙන ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ඔවුන්ගේ ස්වයං රැකියා කුසලතා වර්ධනය කර ගැනීමටත් තම පවුල්වල ආර්ථික තත්ත්වය නඟා සිටුවීමටත් ප්‍රයෝජනවත වන අයුරින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන අණදෙන කෘෂි නිලධාරී ගෲප් කැප්ටන් එරන්දික ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම යටතේ  පුහුණු සම්බන්ධීකාරක ලෙස බලඝණ නායක කේ.ඒ.එම්.කේ.පී ජයසිරි මහතාගේ උපදෙස් පරිදි විධාන කෘෂි අංශයේ උපදේශකවරුන් වන සැරයන් ජයවර්ධන  ජේ.ඒ.ටි.එන්.එස්, සැරයන් වන්නිආරච්චි යූ.එච්.එස්., සැරයන් විජේතුංග එච්.එච් සහ කෝප්‍රල් අමරතුංග ඒ.ඒ.ජී.ආර්.කේ. යන අයගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි