ගුවන් හමුදා වාර්ෂික මාර්ග ධාවන තරඟය - 2022
9:27am on Tuesday 1st November 2022
වාර්ෂික මාර්ග ධාවන තරඟය - 2022 ඊයේ (2022 ඔක්තෝබර් 15) උදෑසන ආරම්භ වූ අතර සියලුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය කරමින් විවිධ වයස් කාණ්ඩවල නිලධාරීන්, ගුවන් භටයින් සහ ගුවන් කාන්තා ක්‍රීඩිකාවන් ඇතුළුව 200 කට අධික පිරිසක් සහභාගී මෙම මාර්ග ධාවන තරඟය සදහා සහභාගි විය. මෙම ධාවන තරගය කොළඹ ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩාපිටියේදී සාර්ථකව අවසන් විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගි වූ අතර ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල සමස්ත පිරිමි ශූරතාව දිනාගත් අතර, චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය එම ඉසව්වේ සමස්ත කාන්තා ශූරතාවය දිනාගැනීමට සමත්විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි