ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුර 15 වැනි සංවත්සරය සමරයි
9:44am on Friday 11th November 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුර සිය 15 වන සංවත්සරය 2022 නොවැම්බර් 01 වන දින සමරනු ලැබීය.චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් අනතුරුව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කෝලිත වීරසේකර මහතා සහ කඳවුරේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් කඳවුරු පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ශ්‍රමදාන වැඩසටහනක් සහ කඳවුරු රෝහලේදී ලේ දන්දීමේ වැඩසටහනක් ද පවත්වන ලදී.කඳවුරු ක්‍රීඩා පිටියේදී පැවැති සියලුම සේවා නිලධාරීන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සුහද ක්‍රිකට් තරගාවලියකින් අනතුරුව සංගීත සන්ධ්‍යාවකින් සංවත්සර උත්සවය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි