අනුස්මරණ දින උත්සවය 2022 කොළඹදී පැවැත්විණි
12:42pm on Tuesday 15th November 2022
ශ්‍රී ලංකා හිටපු සෙබළුන්ගේ සංගමය විසින් 2022 නොවැම්බර් 13 වන දින පෙරවරුවේ විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රෙය්දී "පොපි මල් දිනය" ලෙසින් වඩාත් ප්‍රචලිත අනුස්මරණ දිනය සැමරීමේ උත්සවයකදී ලෝක යුද්ධයේ රණවිරුවන් ඇතුළු මියගිය සියලුම රණවිරුවන්ට උපහාර දැක්වීය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාපති, හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහභාගී විය.

කොළඹ යුධ ස්මාරකය මුලින් ගාලු මුවදොර ඉදිකරන ලද නමුත් පසුව දෙවන ලෝක යුද්ධ සමයේදී සොහොන් ගෙය කඩා ඉවත් කර වර්තමාන ස්ථානයේ නැවත සකස් කරන ලදී. සොහොන් ගෙය පළමු ලෝක යුද්ධයේදී මියගිය අයගේ නම් අඩංගු වන අතර, එය පිටුපස ඇති අනුස්මරණ බිත්තිය දෙවන ලෝක යුද්ධයේදී මියගිය අයගේ නම් සදහන් කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි