ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවනු ලබයි
9:10pm on Wednesday 16th November 2022
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඉදිකරන ලද නිවසක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 නොවැම්බර් 14 වන දින වැලිමඩ ඇල්ලේගමදී පැවති නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයේදී බළපංති සැරයන් තෙන්නකෝන් ටී.එම්.එස්.පි වෙත ඉදිකරන ලද නව නිවස භාරදෙන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබූ අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ සේවා පුද්ගලයින්ගේ දායකත්වයෙන් ඉදිකිරීම් සිදු කරන ලදී. සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ උපදෙස් මත දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් වජිර සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සමස්ත ව්‍යාපෘතිය නිම කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී, සේවා වනිතා ඒකකයේ ලේකම්, විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි