ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර 38 වැනි සංවත්සරය සමරනු ලබයි
12:11pm on Wednesday 23rd November 2022
කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුර එහි 38 වන සංවත්සරය 2022 නොවැම්බර් 16 වන  දින සමරනු ලැබීය.කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි මහතාගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්,සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව මෙම සංවත්සර උත්සවයට සමගාමීව වැඩසටහන් මාලාවක් සහ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති මාලාවක් පවත්වන ලදී.

අණදෙන නිලධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ විය. අනතුරුව කඳවුරු ක්‍රීඩා පිටියේ ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීමෙන් පසු  සියලු සේවා හා සිවිල් කාර්ය මණඩලය සඳහා දිවා ආහාරය ලබා දීමෙන් දිනයේ කටයුතු අවසන් කරන ලදී.

සැමරුම් උත්සවයට සමගාමීව“කළුතර කාර්මික විද්‍යාලයේ” ක්‍රීඩා පිටිය සහ “කළුතර තපෝවනය විහාරස්ථානයේ” ශ්‍රමදාන ව්‍යාපාරයක්, කළුතර ශික්ෂණ රෝහලේ ශල්‍යාගාර ගොඩනැගිලි තීන්ත ආලේප කිරීම සහ රෝහලේ ගබඩා ගොඩනැඟිල්ලේ වහලය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන ලදී. තවද, දේශීය ගොවීන්ගේ සහය ඇතිව දොඩංගොඩ ප්‍රදේශයේ කුඹුරු ආශ්‍රිතව “මෑ සහ කොස් පැළ” සිටුවීම සහ බෙදාදීමේ වැඩසටහනක් ද පවත්වන ලද අතර 2022 නොවැම්බර් 14 වැනි දින කඳවුරු පරිශ්‍රයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි