අංක 7 හෙලිකොප්ටර් බලඝණය ගුවනේ සිට ගොඩබිමට වෙඩි තැබීමේ පුහුණු සැසියක් සිදු කරන ලදී
2:18pm on Wednesday 23rd November 2022
2022 නොවැම්බර් 14 සහ 15 යන දින දෙකෙහි කල්පිටිය ගුවන් හමුදා වෙඩිපිටියේ පැවති මෙහෙයුම් පුහුණු සැසිය සදහා නියමුවන් සිව් දෙනෙකු සහ ගුවන් අවිකරුවන් සිව් දෙනෙකු ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ සහාය ඇතිව බෙල්-212 හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදු කරන ලදී.

විංග් කමාන්ඩර් කංචන ලියනාරච්චි, විංග් කමාන්ඩර් සේනක කූරගමුව, විංග් කමාන්ඩර් ලක්ෂිත කොලඹගේ සහ බලඝන නායක නිලංග ගුණරත්න යන නිළධාරීන් මෙම වෙඩි තැබීමේ පුහුණුව සදහා සහභාගි විය. ගෲප් කැප්ටන් සනෝජ් ජයරත්න මෙම පුහුණු සැසියේ සමස්ථ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ අතර බලඝණ නායක එරන්ද බඹරැන්ද සමස්ත පුහුණුවීම්වල උපදේශකවරයා ලෙස කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි