අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය - 2022
2:25pm on Thursday 15th December 2022
අන්තර් ඒකක කායවර්ධන ශූරතාවලිය 2022 නොවැම්බර්  24 වන දින  ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී අවසන් විය.පිරිමි ශූරතාව කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ගන්නා ලද අතර අනුශූරතාව ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල විසින් දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා 2009 වසරේ ආරම්භයේ සිටම කායවර්ධන තරඟාවලිය බර කාණ්ඩ තුනක් යටතේ (කිලෝග්‍රෑම් 65, කිලෝග්‍රෑම් 65ට වැඩි සහ කිලෝග්‍රෑම් 75 ට වැඩි)  අන්තර් ඒකක කායවර්ධන තරඟය පවත්වා ඇත. ශ්‍රී ලංකා කායවර්ධන සහ යෝග්‍යතා සම්මේලනය සහ ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනය විසින් අනුමත කරන ලද‘Men's Physiques’ නම් නව තරගයක් මෙහිදී හඳුන්වා දී ඇත.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ.ජී.ඩී.එන් ජයසිංහ මහතා සහභාගී විය. අවසන් තරඟය නැරඹීම සඳහා ගුවන් හමුදා කායවර්ධන සම්මේලනයේ සභාපති එයාර් කොමදෝරු සේනක ප්‍රනාන්දුපුල්ලේ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ අනෙකුත් ආරාධිතයින් සහභාගී විය.

ප්‍රතිඵල සාරාංශය

කාය වර්ධන
- 65kg බර පන්තිය (පහළ)
ප්‍රථම ස්ථානය - කෝප්‍රල් මධුශංක ඩබ්ලිව්ජීඊ (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොග්ගල)
දෙවන ස්ථානය - කෝප්‍රල් තෙන්නකෝන් එස්ඩී (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
තෙවන ස්ථානය - සැරයන් ජයවික්‍රම ටි.ටි.ඒ.එන් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)

- 75 kg බර  පන්තිය (පහළ)
ප්‍රථම ස්ථානය - නායක ගුවන් භට ජයලත් එම්එම්ආර්එන්  (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
දෙවන ස්ථානය - නායක ගුවන් භට නියෝජිතන් පී (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර රත්මලාන)
තෙවන ස්ථානය - නායක ගුවන් භට ජයසිංහ එස්ඡීඑස්ආර්කේ (ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව)

75 kg බර පන්තිය (අධික)
ප්‍රථම ස්ථානය - නායක ගුවන් භට ප්‍රියංකර ආර්එම්එස් (ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල)
දෙවන ස්ථානය - නායක ගුවන් භට මිහිරංග ආර්එඑම්ඒ (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
තෙවන ස්ථානය - ප්‍රමුඛ ගුවන් භට ගුණසේකර ආර්.ආර්.ඩී.ටි (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර මොරවැව)


PHYSIQUES
විවෘත පිරිමි Physique  - 2022
ප්‍රථම ස්ථානය - නායක ගුවන් භට ජයලත් එම්එම්ආර්එන්  (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
දෙවන ස්ථානය - සැරයන් ජයවික්‍රම ටිගටිගඒගඑන් (ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර කොළඹ)
තෙවන ස්ථානය - පියාසර නිලධාරි බී.එච්.ජයකොඩි (ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය)


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි