ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 49 වන අදියර අම්පාරේදී සාර්ථකව අවසන් කරන ලදී
10:36am on Wednesday 8th February 2023
‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 49 වැනි අදියර 2023 ජනවාරි 18 වන දින ගෝනගොල්ල, අම්පාර මායාදුන්න විද්‍යාලයේදී සාර්ථකව අවසන් විය. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

මෙම පාසලේ සිසුන් 200 ක් පමණ අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පානීය ජල අවශ්‍යතාවයට පිළියම් යෙදීම සඳහා ජල පරිභෝජන ව්‍යාපෘතියක් ස්ථාපිත කරන ලද අතර ව්‍යාපෘතිය තුළ පාසල් ගොඩනැගිලි සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර පාසලට භාර දෙන ලදී. අනතුරුව පාසල් සිසුන් සඳහා අභ්‍යාස පොත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ අම්පාර ගුවන් හමුදා කඳවුර විසින් මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයනු ලද අතර අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන නිළධාරීතුමන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය නිම කරන ලදී. මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අම්පාර කඳවුරේ නිලධාරින් සහ සෙසු නිලයින්, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, විදුහල්පති, ගුරුවරුන් සහ විද්‍යාලයේ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි