ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ 10 වැනි සංවත්සරයට සමගාමීව ප්‍රජා සේවා වැඩසටහන් රැසක් පවත්වනු ලබයි
11:07am on Wednesday 8th February 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ මඟපෙන්වීම යටතේ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ 10 වැනි සංවත්සරයට සමගාමීව ඩයලොග් ආසියාටා පුද්ගලික සමාගම සහ ඊ-විස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරීන් සමග එක්ව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඌන සංවර්ධිත පාසල් සඳහා ප්‍රජා සේවා ව්‍යාපෘති රැසක් සාර්ථකව නිම කරන ලදී.

මෙම වැඩසටහන මගින් ත්‍රිකුණාමලය අවට ප්‍රදේශයේ සිසුන්ගේ අධ්‍යාපනයට පහසුකම් සදහා උපකාර කිරීම අරමුණින් මෙම වැඩසටහන් පවත්වන ලදී. ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලය, චීන වරාය නාලන්දා විද්‍යාලය සහ කින්නියා රාවණේෂ්වරන් දෙමළ විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර ප්‍රතිසංස්කරණය කර නව තාක්ෂණික උපකරණ සමඟ වැඩිදියුණු කර 2023 ජනවාරි 20 වන දින එම පාසල් වෙත භාර දෙන ලදී.

මෙම උත්සවය සඳහා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එස්ඩීජීඑම් සිල්වා, ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි සමූහ ප්‍රධාන නිලධාරී නවීන් පීරිස් මහතා, ඩයලොග් ආසියාටා පීඑල්සී සහ ඊ-විස් සමාගමේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ. මෙම ව්‍යාපෘතිය තුළ නව පරිගණක නවයක් පරිත්‍යාග කරන ලද අතර පාසල් තුනක තිබූ පරිගණක 41ක් අලුත්වැඩියා කරන ලදී. සෑම විද්‍යාගාරයක්ම නව අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත වූ අතර, එය වසරක් සඳහා අන්තර්ඡාල පහසුකම් නොමිලේ ලබා දීමට පියවරගෙන ඇත. මීට අමතරව ත්‍රිකුණාමලයේ උසස් බාලිකා විද්‍යාලයට අඟල් 54ක රූපවාහිනි යන්ත්‍රයක් ද පරිත්‍යාග කරන ලදී.




Trincomalee Girls' High School


Ravaneshwaran Tamil School Kanniya

Nalanda Vidyalaya China Bay
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි