එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
11:09am on Wednesday 8th February 2023
එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ වසර 34ක සේවා කාලය නිමාකර 2023 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සමුගන්නා ලදී.විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගගන ඉංජිනේරු අධ්‍යක්‍ෂ තනතුර දැරීය.

එයාර් වයිස් මාර්ෂල් රණසිංහ විසින් 2023 ජනවාරි 18 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ කාර්යාලයේදී නිල සමුගැනීමේ සිදු කරන ලද අතර.අප මාතෘභූමියට අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ බවත් ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් රණසිංහ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිනි.අනතුරුව ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර 2023 ජනවාරි 18 වන දින ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

1988 ජූනි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගගනගාමී හා සාමාන්‍ය ඉංජිනේරු අංශයට 19 වන නිලධාරි ශිෂ්‍යභට බඳවා ගැනීම් සමඟ සම්බන්ධ වූ අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නිලධාරි කැඩෙට් මූලික සටන් පාඨමාලාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරායේ මූලික පරිපාලන පාඨමාලාව සහ ශාඛා පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.1990 ජුලි 06 වන දින නියමු නිලධාරි නිලයට පත් කරන ලද අතර 2021 දෙසැම්බර් 01 වන දින ඔහුගේ වර්තමාන නිලයට උසස් කරන ලදී.

ඔහුගේ සේවා කාලය තුළ ඔහුට ප්‍රධාන තනතුරු රාශියක සේවය කර ඇ.ගුවන් හමුදා කටුනායක කඳවුරේ අණදෙන නිලධාරී සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගය සහ අණදෙන නිලධාරී ගගනගාමී ඉංජිනේරු අංශය, මාණ්ඩලික නිලධාරී සාමාන්‍ය ඉංජිනේරු ඓ සහ ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි ගගන ඉංජිනේරු ඓ,ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු ඒකල කදවුරේ   අණදෙන නිලධාරී , වැඩබලන ගුවන් හමුදාධිපති, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී, ගුවන් පක්ෂාංග ප්‍රධාන උපදේශක - ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගගන ඉංජිනේරු අධ්‍යක්ෂ ලෙස රාජකාරි කරන ලදි.

එයාර් වයිස් මාර්ෂල් ප්‍රසන්න රණසිංහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, කළමනාකරණය පිළිබඳ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය, හමුදා අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ ජාතික ආරක්‍ෂාව සහ යුද අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇත. ඊට අමතරව, ඔහු විදේශීය සහ දේශීය හමුදා පුහුණුවීම් කර ඇති අතර පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් 'ndc' සහ බංග්ලාදේශයේ මිර්පුර් හි ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයෙන් 'psc' උපාධිය ලබා ඇත.

ඔහුගේ සේවා කාලය තුල ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ පත්වීමක් ලබා ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. විශිෂ්ඨ සහ ආදර්ශමත් සේවය වෙනුවෙන් ඔහු "උත්තම සේවා පදක්කම" සම්මානයෙන් පිදුම් ලබා ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි