ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන්යානා උපකරණ සැපයුම් ඩිපෝව වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදි
11:59am on Wednesday 8th February 2023
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගුවන්යානා උපකරණ සැපයුම් ඩිපෝවේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනිමේ සම්ප්‍රදායික පෙළපාළිය 2023 ජනවාරි 23 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන වැඩබලන අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් ඡේ.ඒ.ඩි.එස් නිරංග නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් බී.එස් ද එස් වීරවර්ධණ වෙත නව තනතුර භාරදෙන ලදී.

නික්ම යන වැඩබලන අණදෙන නිළධාරිතුමන් 2022 දෙසැම්බර් 31 වන දින අණදෙන නිලධාරි ලෙස තනතුර භාරගත් අතර පසුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා අමතර කොටස් ගබඩාවේ ප්‍රධාන උපකරණ නිලධාරී ලෙස තනතුර භාරගැනිමට නියමිතව ඇත.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් බී.එස් ද එස් වීරවර්ධණ නව තනතුර භාරගැනීමට පෙර කටුනායක ගුවන් හමුදා කඳවුරේ උපකරණ සැපයීම සහ ගිණුම්කරණ පක්ෂාංගයේ අණදෙන නිලධාරී ලෙස සේවය කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි