ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් සහ නඩත්තු ඩිපෝව 26 වැනි සංවත්සරය සමරනු ලබයි
9:47am on Monday 20th February 2023
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 02 සැපයුම් හා නඩත්තු ඩිපෝව සිය 26 වැනි සංවත්සරය  2023 පෙබරවාරි 01 වන දින අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්.එම්.ඒ.මෙන්ඩිස් මහතාගේ මඟපෙන්වීම යටතේ අභිමානවත් ලෙස සමරන ලදී.

සංවත්සරට සමගාමීව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අසරණ පවුල් වෙත වියළි සලාක ඇසුරුම් ප්‍රදානය කිරීමේ ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වන ලද අතර වොලිබෝල් තරඟාවලියක්ද සංවිධානය කරන ලදී.

මෙම සැමරුමට සමගාමීව 2023 ජනවාරි 31 වන දින හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේදී එම ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීම සදහා ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි