ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල සිව්වන ලෝක හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2023, ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේදී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී
10:56am on Thursday 9th March 2023
ලෝක හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වය ඇතිව සිව්වන CISM ලෝක හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2023, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් රොෂාන් බියන්විල නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 පෙබරවාරි 12 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරු පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් ආරම්භ විය.

ගෝලීය වශයෙන් පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩා ඉසව් අතරින් විශේෂ අවධානයට ලක්වූ සිව්වන CISM ලෝක හමුදා ක්‍රීඩා උළෙලට ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් තරග වැදුණු පළපුරුදු ක්‍රීඩකයින් රැසක් සහභාගී වීමට නියමිතය.

වෙරළ වොලිබෝල් ක්‍රීඩා උළෙල 2023 පෙබරවාරි 13 වන දින මීගමුව වෙරළේ දී ආරම්භ වන අතර 2023 පෙබරවාරි 17 දක්වා පැවැත්වෙන අතර, ජාත්‍යන්තර වශයෙන් ජාත්‍යන්තර හමුදා නියෝජනය කරන පිරිමි සහ කාන්තා කන්ඩායම්  රටවල් 7ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ක්‍රීඩාව තුලින් ලෝක  හමුදා සාමාජිකයින්ගේ එකමුතු බව ඇතිකර ලෝක සාමය සදහා දායක විමයි. එය ත්‍රිවිධ හමුදාව අතර, ක්‍රීඩා ක්ෂේත්‍රයේ මිත්‍රත්වය සහ සහජීවනයේ බැඳීම් ශක්තිමත් කිරීමට බෙහෙවින් වැදගත්වේ.

මෙම තරගාවලිය සදහා  ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සත්කාරකත්වය දරණු ලබන අතර ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නොමද සහය ඇතිව.සමාරම්භක උත්සවයට සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, CISM මහලේකම් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ඉතාලි නාවික හමුදාවේ කපිතාන් රොබර්ටෝ රෙචියා, සංවිධායක කමිටුවේ ලේකම් ගෲප් කැප්ටන් ක්‍රිෂාන්ත ෆර්නාන්දු ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම්, ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ,සහ දෙස් විදෙස් සන්නද්ධ සේවාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි ව්ය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි