ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල සිව්වන හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවය- 2023 ශූරතාවලියේ ශූරයන් ලෙස ප්‍රංශය කිරුළ දිනාගන්නා ලදී
11:27am on Thursday 9th March 2023
මීගමුව ප්‍රදේශය  පුරා සිටින රසිකයින්ට අමතක නොවන මතක සටහන් සමඟින් ක්‍රියාදාමයෙන් පිරුණු සිව්වන ලෝක හමුදා වෙරළ වොලිබෝල් ශූරතාවලිය 2023 2023 පෙබරවාරි 17 දින අවසන් කරන ලදී. දින පහක් පුරා පැවති මෙම තරගාවලියේ ක්‍රීඩෙකයින් 90ක් ක්‍රීඩා කරන ලද අතර,මෙම ත්‍රාසජනක ක්‍රීඩාව දැක බලා ගැනීම සදහා අවසන් දිනයේ ක්‍රීඩා ලෝලීන් රැසක් මීගමුව වෙරළට රැස්ව සිටියහ, අවසන් මහා තරගය සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී විය.

අවසන් මහා තරගයේදී ප්‍රංශ ක්‍රීඩකයින් රන් පදක්කමට හිමිකම් කීවේ පිරිමි අංශයේ ජර්මානු යුගලය පරාජය කරමිනි. ඔලිවර් බාර්තෙලමි සහ සැමුවෙල් කේටට් විසින් ජර්මානු යුගලය වන ලූකස් ෆෙරේට්ච්නර් සහ රොබින් සෝවා ත්‍රාසජනක තීරණාත්මක තෙවැනි තරගය පරාජය කරන ලදී. ප්‍රංශ යුගලය පළමු වටය 19-21ක් ලෙස ජයගත් නමුත් ජර්මනිය දෙවැනි වටය 21-17ක් ලෙස ජයගත් අතර තීරණාත්මක තරගය 10-15ක් ලෙස ජය ගත්තේය. පිරිමි අංශයේ ලෝකඩ පදක්කම ජර්මානු කන්ඩායම් 2හි පෝල් සහ ස්වේන් යුගලය හිමිකරගන්නා ලදී.
 
මේ අතර ප්‍රංශයේ ඇලීන් චැමරෙව් සහ ක්ලේමන්ස් වියිරා කාන්තා අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාවේ දීපිකා බණ්ඩාර සහ කුෂානි තාරුකා යුගලය පරාජය කරන ලදී. ප්‍රංශ යුගලය ශ්‍රී ලංකා යුගලය පළමු වටයේදී ලකුණු 21–09ක් ලෙසත්, දෙවැනි වටයේදී ලකුණු 21–14ක් ලෙසත් අවසන් මහා තරගයේදී පරාජය කිරීමට සමත් විය.  ශ්‍රී ලංකා 2 කණ්ඩායම නියෝජනය කළ ප්‍රසාදිනී සහ තුෂාරි කාන්තා අංශයේ ලෝකඩ පදක්කම දිනා ගත්හ.

මෙම අවස්ථාවට සංවිධායක කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ,ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රංජිත් සේනානායක, ගුවන් හමුදා කටුනායක කඳවුරු අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, සුබසාධන අධ්‍යක්‍ෂක සුහර්ෂි ප්‍රනාන්දු, ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු , ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමදෝරු සේනක ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ, බ්‍රිගේඩියර් නලින් බණරානායක, ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ, කොමදෝරු රොෂාන් අතුකෝරල සහ දෙස් විදෙස් ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිළ්‍යින් සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි