අන්තර් සමාජ නිපෝන් පේන්ට් ලීග් රග්බි 2022/2023 තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා සඳහා වන සම්මානය ගුවන් හමුදා රග්බි කන්ඩායමේ නුවන් පෙරේරා විසින් දිනා ගනී
11:40am on Thursday 9th March 2023
අන්තර් සමාජ නිපෝන් පේන්ට් ලීග් රග්බි 2022/2023 තරගාවලියේ පළග ශූරයින් ලෙස ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම ජයග්‍රහණය කිරීම සදහා නායක ගුවන් භට නුවන් පෙරේරාගේ කැපී පෙනෙන දස්කම් නිසා කන්ඩායමට වැඩි වටිනාකමක් එක් කෙරුණී.ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම මුලු ලකුණු 261ක් ලබා ගත් අතර ඉන් ලකුණු 115ක් නුවන් පෙරේරා විසින් තනි තනිව ලබා ගන්නා ලදී. ඔහුගේ ලකුණු සංඛ්‍යාවට උත්සාහක දිනුම් 02ක්, ප්‍රවර්තන 24ක්, දඬුවම් පහර 18ක් සහ ඩ්‍රොප් ගෝල 01ක් ඇතුළත් වේ.

මෙම ක්‍රීඩකයා 2013 වසරේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ 1 වන XV රග්බි කණ්ඩායමේ උප නායකයෙකු වන අතර, ඔහු පසුපෙළ ක්‍රීඩා කිරීමට ප්‍රසිද්ධ විය. 2013 වර්ෂයේදීම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු නුවන් Fly Half සහ Scrum Half ඇතුළු පිටියේ විවිධ ඉරියව්වල ක්‍රීඩා කිරීමට තරම් දස්කම් දක්වා ඇත. එසේම, ඔහුගේ කැපී පෙනෙන දස්කම් නිසා 2013 වසරේ 20න් පහළ කණ්ඩායමටත්, 2019 වසරේ ශ්‍රී ලංකා 15න් පහළ කණ්ඩායමටත්, 2021 වසරේ ඩුබායි සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමටත් අභිමානවත්ව  නියෝජනය කිරීමට හැකි විය. 2021 වසරේ වොරියර් කුසලාන සත් සාමාජික රග්බි තරගාවලිය ජයග්‍රහණය කළ ගුවන් හමුදා සත් සාමාජික රග්බි කණ්ඩායමේ නායකයා වූ අතර 2022 වසරේ පළග අනුශූරතා කුසලානය දිනාගත් රග්බි කණ්ඩායමේ නායකයා වූයේද නුවන් පෙරේරාය.

රග්බි ක්‍රීඩාවේ දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍ෂේත්‍රයේ ඔහු සතු අත්දැකීම් කණ්ඩායමට අත්‍යවශ්‍ය වූ අතර පිටියේ ඔහුගේ පරිණතභාවය බොහෝ රග්බි ප්‍රවීණයන්ගේ ඇගයීමට ලක්ව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි