“ගුවන් හාමුද පාපැදි සවාරිය 2023” පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වනු ලබයි
1:55pm on Friday 10th March 2023
“ගුවන් හාමුද පාපැදි සවාරිය 2023” පිළිබඳ මාධ්‍ය හමුව 2023 පෙබරවාරි 22 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 72 වැනි සංවත්සරයට සමගාමීව මෙවර තරගය අඛණ්ඩව 24 වැනි වරටත් පවත්වනු ලබයි. මෙම තරඟය සඳහා ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම්වලට අනුව පිරිමි ක්‍රීඩකයින්  සියයකට අධික සංඛ්‍යාවක් සහ කාන්තා ක්‍රීඩිකාවන් තිහකට අධික සංඛ්‍යාවක් තරඟ කිරීමට අපේක්ෂා කෙරේ. ගුවන් හාමුද පාපැදි සවාරිය ශ්‍රී ලංකා පාපැදි ඉසව් දින දර්ශනයේ ප්‍රමුඛතම සහ ත්‍රාසජනක සිදුවීමක් ලෙස පිළිගැනේ.

පිරිමි තරඟයේ කාලය දින 3 කි. එය 2023 මාර්තු 02 වන දින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයෙන් ආරම්භ වී මහනුවර, පොළොන්නරුව හරහා අනුරාධපුරයෙන් ආසන්න වශයෙන් කිලෝමීටර් 396 ක දුරකින් අවසන් වන අතර කාන්තා තරගය 2023 මාර්තු 04 වන දින හබරණ සිට අනුරාධපුරය දක්වා ආරම්භ කෙරේ.
 
ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 මාර්තු 04 වන දින අනුරාධපුර පරිශ්‍රයේ පිහිටි ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වෙන අතර එහිදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්, අනුග්‍රාහකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමඟ මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

පිළිගැනීමේ සමාලෝචනය ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ විසින් සිදු කරන ලද අතර ගුවන් හමුදා පාපැදි සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුව පැවැත්විණි. ගුවන් හමුදා පාපැදි සම්මේලනයේ ලේකම්, ගෲප් කැප්ටන් රංග පෙරේරා, සාමාන්‍යාධිකාරී නිපොන් පේන්ට් ලංකා (පුද්ගලික) සමාගම, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ ලේකම් නේමන්ත අබේසිංහ, අබාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී ලලින්ද්‍ර බ්‍රාහ්මණ යන මහත්වරු මෙම කමිටුවට සහභාගි වූහ.මෙම අවස්ථාව සදහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.

මෙවර තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා නිපොන් පේන්ට් ලංකා (පුද්ගලික) සමාගම වන අතර, එස් එල් ටි මොබාටෙල් නිල විදුලි සංදේශ සහකරු වන අතර, People's Insurance නිල රක්ෂණ සහකරු වන අතර “Vitagen” Maliban Biscuit Manufactories Private Limited නිල පෝෂණ හවුල්කරු වේ. ඒ සමගම මෙම උත්සවයට සම අනුග්‍රහය දක්වන්නේ Abans Group of Company විසිනි. මෙම තරගය ශ්‍රී ලංකා රූපවාහිනිය සහ චැනල් අයි ඔස්සේ සජීවීව නැරඹීමට මෙන්ම නෙත් එෆ් එම් රේඩියෝ නාලිකාව ඔස්සේ සජීවීව ශ්‍රවණය කිරීමට මෙවරත් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දී ඇත.
 
මාධ්‍ය හමුව අවසන් වීමට පෙර අනුග්‍රාහක චෙක්පත් සහ නිල ලිපි පිළිවෙළින් Nippon Paint Lanka (Pvt) Ltd, සාමාන්‍යාධිකාරී  නේමන්ත අබේසිංහ , අබාන්ස් සමූහයේ සාමාන්‍යාධිකාරී ලලීන්ද භ්‍රාක්මන , SLT Mobitel නියෝජ්‍ය ප්‍රධාන අලෙවි නිලධාරී, රෝහණ එල්ලාවල මහතා, Maliban Biscuit Manufactories පුද්ගලික සමාගමෙහි ප්‍රාදේශීය විකුණුම් කළමනාකරු, කැලුම් පෙරේරා මහතා සහ National Sales People's Insurance PLC හි ප්‍රධානී, ධනුෂ්ක හෙට්ටිආරච්චි මහතා.ගුවන් හමුදා පාපැදි සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර වෙත පිළිගන්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි