එක්සත් ජනපද තානාපතිනි ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ ආදි ශිෂ්‍ය පිළිගැනීමේ උත්සවය සදහා සහභාගි වේ
2:17pm on Friday 10th March 2023
හවායි හි පිහිටි ආරක්ෂක අධ්‍යයන ආසියා පැසිෆික් මධ්‍යස්ථානයේ හිටපු උපාධිධාරීන්  පිළිගැනීමේ උත්සවය 2023 පෙබරවාරි 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ නිලධාරී නිවස්න පරිශ්‍රෙයේදී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය සහභාගී විය.

"අධ්‍යාපනය සම්බන්ධ කිරීම සහ බලගැන්වීම" යන ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ (APCSS) ඉලක්ක ගැන සාකච්ඡා කළහ. ආසියා පැසිෆික් ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානය කලාපීය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ උපායමාර්ගික චින්තනය පෝෂණය කිරීම සඳහා සහයෝගය ලබා දී ඇත. වර්තමානයේ සහ අනාගතයේ නායකයින්ට දිනෙන් දින ඒල්ල වන තර්ජන සහ අභියෝගවලට මුහුණ දීමට හැකි වන පරිදි, සහජීවනය සහ දැක්ම ඇතිව විවිධ පසුබිම්වල සිටින පුද්ගලයින් අද්විතීය ඉදිරිදර්ශනයක් ගොඩනැගීමට පුරෝගාමීව කටයුතු කරයි. පසුගිය වසර 27 තුළ, ආරක්‍ෂක අධ්‍යයන සඳහා වූ ආසියා ශාන්තිකර මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සහ ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල සිවිල් සහ හමුදා නායකයින් සඳහා විවිධ වැඩමුළු, සම්මන්ත්‍රණ සහ වෙනත් අධ්‍යාපනික වැඩසටහන් රැසකට පහසුකම් සලසා ඇත. ආසියා පැසිෆික් කලාපයේ සංකීර්ණ ආරක්‍ෂක අභියෝගවලට වඩාත් හොඳින් මුහුණ දීම සඳහා ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම අරමුණු කරගත් විධායක පාඨමාලාව ඇතුළුව විශ්වාසය ගොඩනැගීමට, අවබෝධය වර්ධනය කිරීමට සහ කලාපීය ආරක්‍ෂාව වැඩිදියුණු කිරීමට මෙම වැඩසටහන් උපකාරී වී ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ආරක්‍ෂක අධ්‍යයන ආසියා ශාන්තිකර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ  රියර් අද්මිරාල් පීටර් ගුමාටාඕ (විශ්‍රාමික), APCSS හි නියෝජිත, මහාචාර්ය ශ්‍යාම් ටෙක්වානි, යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අනෙකුත් නිලධාරීන් පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි