24 වන ගුවන් හමුද පාපැදි සවාරිය කොළඹදී ආරම්භ කරන ලදී
2:25pm on Friday 10th March 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 72 වැනි සංවත්සරයට සමගාමීව 24 වන වරටත් පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය 2023 තරඟාවලිය 2023 මාර්තු 02 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටදී ආරම්භ කරන ලදී.  

විශේෂයෙන්ම ඉන්දීය ගුවන් හමුදාව නියෝජනය කරන පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දෙස් විදෙස් ක්‍රීඩකයින් ඇතුළු පිරිමි එකසිය පනහකට අධික පිරිසක් සහභාගී වූ අද උදෑසන ආරම්භ වූ පිරිමි තරගය කිලෝමීටර 116.7 දුර ප්‍රමානයක් ඇති තරගය මහනුවරදී සිය පළමු වටය සම්පූර්ණ කිරීමට නියමිත අතර, සම්පූර්න දින තුනක්පුරා පවත්වන මෙම තරගය 2023 මාර්තු 04 දින අනුරාධපුරයේදී අවසන් වේ.

ආසන්න වශයෙන් කිලෝමීටර් 88 ක දුරක් ආවරණය කරමින් කාන්තා තරගය 2023 මාර්තු 04 වන දින හබරණ නගරයෙන් ආරම්භ වී  අනුරාධපුරයෙන් අවසන් වීමට නියමිතය.

24 වැනි ගුවන් හමුද පාපැදි සවාරිය සඳහා ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ Nippon Paint Lanka (Pvt) Ltd වන අතර SLT Mobitel නිල විදුලි සංදේශ සහකරු ලෙසත් Peoples Insurance නිල රක්ෂණ සහකරු ලෙසත් "Vitagen" Maliban Biscuit Manufactories Privt Limited නිල පෝෂණ හවුල්කරු ලෙසත් කටයුතු කරයි. ඒ සමගම මෙම උත්සවයට සම අනුග්‍රහය දක්වන්නේ Abans Group of Company විසිනි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ චැනල් අයි නිල විද්‍යුත් මාධ්‍ය සහකරු ලෙස කටයුතු කරන අතර නෙත් එෆ් එම් නිල ගුවන් විදුලි හවුල්කරුවා වේ. මුළු තරඟයම Channel Eye  රූපවාහිනී ඔස්සේ සජීවීව විකාශය වේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සමඟින් බෙල්-212 හෙලිකොප්ටරයකින් මුළු තරඟයම සජීවීව ඉදිරිපත් කරන ශ්‍රී ලංකාවේ එකම පාපැදි තරඟය මෙයයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි