ගුවන් හමුදා 'නව විවාහක නිවාස සංකීර්ණය' විවෘත කෙරේ
2:48pm on Wednesday 27th April 2011
ගුවන් හමුදා සේවා පුද්ගලයින් වෙනුවෙන් ගුවන්පුර පරිශ්‍රයේ ඉදි කරණ ලද 'නව විවාහක නිවාස සංකීර්ණය' 2011 අප්‍රේල් 25 වන දින උදෑසන 0830 පමණ ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා විසින් විවෘත කරන ලදී.

මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනයක්ද ඇතුළුව ආගමික වතාවත් රැසක් ගුවන් හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඉන් පසු නිළ වශයෙන් ගුවන් හමුදා සේවා පුද්ගලයින් හට නිළ විවාහක නිවාස ලබා දීම සිදු විය. මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, නිළධාරීන් හා සේවා පුද්ගලයින් විශාල පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි