'සුපිරි දහය' කාය වර්ධන ශූරතා තරඟාවලියේ ජය ගුවන් හමුදාවට
11:03am on Monday 2nd May 2011
ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් භට කුමුදු කුමාර ඩි.වි.එල් 'සුපිරි දහය' කාය වර්ධන ශූරතා තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය අප්‍රේල් 23 වන දින බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවැත්විණි.

මෙම 'සුපිරි දහය' කාය වර්ධන තරඟාවලියේදී ගුවන් හමුදාව නියෝජනය කරමින් ස්ථානයන් හතක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් වීම විශේෂත්වයකි.

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පැමිණි ක්‍රීඩකයින් 60කට අධික ප්‍රමාණයක් මෙම තරඟාවලියට සහභාගි වූහ. මෙහිදි ප්‍රථම,දෙවන හා තෙවන ස්ථානයන් ලබා ගැනීමට ගුවන් හමුදා කාය වර්ධන ක්‍රීඩකයින් සමත් වීම සුවිශේෂි කරුණකි. මෙම තරඟාවලියේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස ඌව පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ගරු සෙන්දිල් තොන්ඩමාන් මහතා සහභාගි විය.

ගුවන් හමුදා 'සුපිරි දහය' කාය වර්ධන තරඟාවලියේ ජයග්‍රාහකයින්ගේ විස්තර


022884 ගුවන් භට      කුමුදු කුමාර ඩි.එල්.වි                        ප්‍රථම ස්ථානය
022887 ගුවන් භට      අබේසේකර ඩ්බ්ලිව්.වි.එන්.එම්.යු        දෙවන ස්ථානය
022583 ගුවන් භට      ලිවේරා ඩ්බ්ලිව්.එන්.එස්                     තෙවන ස්ථානය
022072 ගුවන් භට      ප්‍රනාන්දු ඒ.ඩි.ඩි.එන්                          පස්වන ස්ථානය
022566 ගුවන් භට      ෆාසිල් එෆ්.එම්                                  සයවන ස්ථානය
022883 ගුවන් භට      වික්‍රමනායක එස්.ඩි                            නවවන ස්ථානය
022568 ගුවන් භට      සිල්වා එම්.ඒ                                     දසවන ස්ථානය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි