ගුවන් හමුදාවේ තවත් සමාජ සත්කාරයක්
1:12pm on Thursday 19th May 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි මානසික රෝහලේ වාට්ටු අංක 03හි අළුත්වැඩියාව හා එහි සිටින රෝගීන් හට පරිත්‍යාගයන් රැසක් ලබා දීමේ උත්සවයක් පසුගියදා මානසික රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 1985 වර්ෂයේ සිට පවත්වාගෙන එනු ලබන මෙම අංක 03 කාන්තා මානසික වාට්ටුවේ අළුත්වැඩියාව හා එහි සිටින රෝගීන් හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයයන් ලබා දීම, විනෝද උත්සවයන් හා විශේෂ ආහාර ලබා දීමක්ද මෙහිදී සිදු විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා සේවා වනිතා ඒකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මිය ඇතුළුව ඒකකයේ අනෙකුත් සමාජිකාවන්ද මැයි මස 13 වන දින පැවැති මෙම උත්සවය සඳහා සහභාගි වූහ. තවද වාට්ටුව තුළ ගුවන් හමුදාවේ විශේෂ සංගීත සංදර්ශනයක්ද පවත්වන ලදී.

එසේම මානසික රෝහලේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය ජයාන් මෙන්ඩිස් විසින් මෙම පරිත්‍යාගයන් බාරගත් අතර, මෙතුමා ඇතුළු කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි.   



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි