ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩිකාව ප්‍රථම ශතකය වාර්තා කරයි
1:19pm on Thursday 19th May 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා 'කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ' ක්‍රීඩිකාව වන චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම ශතකය වාර්තා කිරීමට සමත් වූවාය.

'කාන්තා ක්‍රිකට් තරඟාවලිය 2011' සඳහා අයර්ලන්තය, පාකිස්තානය, නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව යන ක්‍රිකට් කණ්ඩායම් සහභාගි වන අතර, කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැති ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර තරඟයේදී හතරේ පහර 17 ක් හා එක් හයේ පහරක්ද ඇතුළුව ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩිකා 'ගුවන් කාන්තා' චමරි අතපත්තු මෙම වාර්තාගත ශතකය ලබා ගැනීම විශේෂත්වයකි. චමරි අතපත්තුගේ ක්‍රිකට් වාර්තාවන්ට අනුව 2003 වර්ෂයේදී  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 88 ක් ලබා සිටි අතර, ඇය දැන් වාර්තා කළ ශතකයත් සමගම එම වාර්තාවද බිඳ හෙලීමට සමත් වූවාය.

වමතින් පිත්ත හසුරවන චමරි අතපත්තු ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායමට 2010 වර්ෂයේදී එක් වූ අතර, ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද නියෝජනය කිරීම විශේෂත්වයකි.

ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රගුණ කළ ඇය පසුව කුරුණෑගල ක්‍රිකට් සමාජය හා කෝල්ට්ස් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් තම දක්ෂතාවයන් වැඩි දියුණු කිරීමට සමත් වූවාය.

තවද ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය සමාජිකාවක් වන ඇය දේශීය මෙන්ම විදේශීය (දකුණු අප්‍රිකාවේ හා එංගලන්තයේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය) ක්‍රිකට් සංචාරයන් සඳහා සහභාගි වී තිබීම විශේෂත්වයකි.  



      

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි