ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික දුනු විදීමේ තරඟාවලියේ විශිෂ්ඨ දස්කම් දක්වයි
10:13am on Friday 20th May 2011
'ලෝක ශූරතා දුනු විදීමේ තරඟාවලිය' සඳහා තෝරාගැනීමේ තරඟයේදී ජාතික මට්ටමේ වාර්තා පහක් පිහිට  වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සමත් වූහ. මෙම තෝරා ගැනීමේ තරඟාවලිය සුගතදාස එලිමහන් ක්‍රීඩාංගනයේදී පසුගිය 08, 09 සහ 11 යන දිනයන්හි පැවැත්විණි.   


ගුවන් හමුදාව නියෝජනය කරමින් දුනු විදීමේ තරඟයට සහභාගි වූ නිපුන සෙනවිරත්න සහ දිල්හාරා සල්ගාදු යන අය පිළිවෙලින් ලකුණු  1233, 1248,1264 හා 1288, 1270 1260 (දවස් තුනේදී) ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. මොවුන් ඉතාලියේ පැවැත්වීමට නියමිතව ඇති ලෝක ශූරතා දුනු විදීමේ තරඟය සඳහා සහභාගි වීමට නම් ලකුණු 1230 ලබා ගත යුතුය.

ගුවන් කාන්තා දිල්හාරා සල්ගාදු මෙම තෝරා ගැනීමේ තරඟයේදී ජාතික මට්ටමේ වාර්තා (ෆිටා අංශයෙන් මීටර 70, 60, 50 සහ 30) පහක් පිහිට වීමට සමත් වූවාය.

දුනු විදීමේ තරඟයේ නව වාර්තාවන් පහත දැක්වේ

මීටර  70  ලකුණු  315  (පෙර වාර්තාව ලකුණු 308)
මීටර  60  ලකුණු  318  (පෙර වාර්තාව ලකුණු 309)
මීටර  50  ලකුණු  327  (පෙර වාර්තාව ලකුණු  312)
මීටර  30  ලකුණු  339  (පෙර වාර්තාව ලකුණු  338)
ෆිටා අංශයෙන්  ලකුණු  1288  (පෙර වාර්තාව ලකුණු  1249)
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි