ගුවන් හමුදාපති උතුරේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කරයි
1:19pm on Wednesday 25th May 2011
ගුවන් හමුදාපති හර්ෂ අබේවික්‍රම මහතා උතුරු පලාතේ ක්‍රියාත්මක වන ගුවන් හමුදා සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ සංචාරයක් සඳහා පසුගිය ඉරිදා (22) සහභාගි විය.

මෙම සංචාරය අතරතුරේදී ගුවන් හමුදාපතිතුමා ඉරණමඩු සහ මුලතීව් ගුවන් හමුදා මූලික කඳවුරුවල සංචාරය කිරීම විශේෂත්වයකි.

ප්‍රථමයෙන් ගුවන් හමුදාපතිතුමා ඉරණමඩු කඳවුරේ සංචාරය කළ අතර, කඳවුරු අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් හේලි රූපසිංහ විසින් ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. මෙහිදී ඉදිවෙමින් පවතින නව ගොඩනැගිලි සහ ගුවන් පථ ගුවන් හමුදාපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. නිරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාපතිතුමා සියලුම නිළයන් සහ සෙසු නිළයන් අමතා විශේෂ කථාවක්ද පැවැත්විය.

ඉන්පසු, ගුවන් හමුදාපතිතුමා මුලතීව් කඳවුරේ සංචාරය සඳහා පැමිණි අතර, වැඩබලන කඳවුරු අණදෙන නිළධාරී බලඝණ නායක බුද්ධික මැදගේවත්ත ගුවන් හමුදාපතිතුමා පිළිගන්නා ලදී. අනතුරුව මෙහිදී ඉදිවෙමින් පවතින නව ගොඩනැගිලි සහ ගුවන් පථ ගුවන් හමුදාපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි