46 වෙනි අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව විසිර යයි
8:45am on Wednesday 29th June 2011
පුරා මාස තුනක් මුළුල්ලේ ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ පැවති අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාව හැදැරූ අධිකාරී නොලත් නිළධාරීන් 82 දෙනෙකු පසුගිය ජූනි 20 වන දින විසිර ගියහ.

රජරට විශ්වවිද්‍යාලයට අනුබද්ධිත මෙම පාඨමාලාව හැදැරූ 82 දෙනා අතරට ගුවන් හමුදා ජේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 42 දෙනෙකු, කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 38 දෙනෙකු සහ නාවික හමුදා සුළු නිළධාරීන් 02 ඇතුලත් වුහ.

අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේ ශ්‍රවණාගාරයේ පැවති මෙම සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ මෙහෙයුම් භූමි 'ගුවන් කොමදෝරු' කිෂාන් යහම්පත් සහභාගී විය. තවද ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ සේනා විධායක එයාර් වයිස් මාෂල් කේ.වී.බි. ජයම්පති ඇතුළු උසස් නිළධාරීන්  රැසක් මෙම උත්සවය සඳහා සහභාගී විය.

සති 12කට ආසන්න කාලයක් පුරාවට, පුළුල් විෂය මාලාවකින් සන්නද්ධව නායකත්වය පිළිබඳ විශිෂ්ඨයින් වෙමින් ඔවුන් විසිර ගියහ. මෙම පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ජ්‍යෙෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ගිණුම් ලිපිකරු වෘත්තියෙන් සේවයේ නියුතු බලපන්ති සැරයන් උඩුගම්පොල සම්මාන ලැබූ අතර සැම අතින්ම දක්ෂ කණිෂ්ඨ අණනොලත් නිළධාරී ලෙස ගිණුම් ලිපිකරු වෘත්තියෙන් සේවයේ නියුතු කෝප්‍රල් කුලතුංග සම්මාන ලැබීය.  

කළමණාකරන පාසලේ අණදෙන නිළධාරී ලෙස විංග් කමාන්ඩර් ටී.වී.ඩී දේශප්‍රිය කටයුතු කරන අතර ප්‍රධාන උපදේශක ලෙස බලඝණ නායක පී.එන්. ජයවික්‍රම කටයුතු කරනු ලබයි. බලඝණ නායක එ.එස්. වැලිසර, බලඝණ නායක ආර්.එස්.ඒ.එන්.ඊ රාජපක්ෂ සහ බලඝණ නායක ජේ.බි. පුස්සදෙනිය උපදේශකයින් ලෙස කළමණාකරන පාසලේ සේවය කරනු ලබයි.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි