ගුවන් හමුදා ගිනි නිවාරණ සටන්කරුවන් සැමවිටම අවදියෙන්
9:58am on Wednesday 29th June 2011
කෙරවලපිටිය ෂෝබර්ස් සහ වෝකර්ස් රබර් ගබඩා ගොඩනැගිල්ලේ පසුගිය ජූනි 21 වන දින හට ගත් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා ගිනි නිවාරණ සටන්කරුවන් සමත් වූහ.

කොළඹ ගිනි නිවාරණ සේනාංකය සහ අනෙකුත් ගිනි නිවාරණ ඒකකයන් මෙම ගින්න මැඩ පැවැත්වීමට එක්වූ නමුත්, අවසාන වශයෙන් ගුවන් හමුදා ගිනි නිවාරණ ඒකකය ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට සමත් විය. මෙම මෙහෙයුම බළඝණ නායක චමිල් හෙට්ටිආරච්චිගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි