ගුවන් හමුදාව නකල්ස් ගින්න මැඩපවත්වයි
10:13am on Wednesday 29th June 2011
නකල්ස් කඳුවැටි රක්ෂිත ප‍්‍රදේශය තුළ පැතිර ගිය ගින්න සම්පූර්ණයෙන්ම මර්ධනය කිරීමට ගුවන් හමුදාව සමත් විය. මෙම මෙහෙයුම පසුගිය ජූනි 27 වන දින ගුවන් හමුදා බෙල් - 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදු කරන ලදී.

ගින්න මර්ධනය සඳහා අවශ්‍ය ජලය ගින්න හටගත් ප්‍රදේශයට ආසන්නයේ පිහිටි වැවකින් බෙල් - 212 යනයේ 'බම්බි බකට්' යොදා ගනිමින් ලබා ගන්නා ලදී.

මෙම මෙහෙයුම බළඝණ නායක සමීර විධානපතිරණ හා පියාසර නිළධාරි රන්දුනුගේ යන නිළධාරින් එක්ව සිදු කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි