නව පොලිස්පති ගුවන් හමුදාධිපති හමුවෙයි
8:49am on Tuesday 26th July 2011
නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ 33වන පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අද (ජූලි මස 22 වන දින) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයට පැමිණෙන ලදී.

එහිදි එතුමන් කොළඹ කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමදෝර් විජිත ගුණරත්න විසින් පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා චාරිත්‍රනුකූල ලෙස සම්මාන මුරයක්ද පිරිනමන ලදී.

පසුව එතුමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවු අතර මෙම දෙපල සුහද සාකච්ජාවක නිරත විය. මෙම හමුව සිහිපත් වීම පිණිස ගුවන් හමුදාපතිතුමා හා පොලිස්පතිතුමා අතර සමරු ඵලක හුවමාරු කරගන්නා ලදි. ඉන් පසු ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් කොලිත ගුණතිලක සහ ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයද හමුවිය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි