රොදර්හැම් සර්කිට් මීට් 2011
9:11am on Tuesday 26th July 2011
පස්වන වතාවටත් සංවිධානය කරන ලද රොදර්හැම් සර්කිට් මීට් 2011 තරඟාවලිය පිළිබඳව
මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරනු ලබන 'රොදර්හැම් සර්කිට් මීට් - 2011' අගෝස්තු මස 07 වන දින ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරු ධාවන පතයේදී පැවැත්වීමට නියමිතව ඇත. තවද ප්‍රවේගකාරි මෝටර් රථ තරඟ ඉසව් 12 හා යතුරු පැදි ධාවන ඉසව් 10 ද සමගින් වේග සීමාවන් රහිත උද්වේගකාරි තරඟ ඉසව් 22න් සමන්විතය.

මෙම තරඟාවලිය සඳහා ලංකා බැංකුව ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන අතර මහජන බැංකුව,
බ්‍රවුන්ස් සහ සමාගම, ඩග්ලස් සහ පුත්‍රයෝ සමග සියැට් ටයර් ආයතනය සම අනුග්‍රාහකත්වය දක්වනු ලබයි. එසේම කුවෙට් එයාර්වේස්, කාගිල්ස්, කොකා කෝලා, ඒවියන්, ඇමරිකන් වෝටර් යන සමාගම්ද අනුග්‍රාහකත්වය දැක්වීමට නියමිතය.

ජාතික රූපවාහිනි සංථාව (රූපවාහිනි නාලිකාව) හා ඒබීසී මාධ්‍ය ජාලය (ගුවන් විදුලි නාලිකාව) ව්ද්‍යුත් මාධ්‍ය සමාදර අනුග්‍රාහකත්වය දක්වන අතර මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය සීමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් දරනු ලබයි.

අනුග්‍රාහකයින්ගේ, ප්‍රවේශපත් අලෙවියෙන් ඇතුළුව උපයන සියලුම මුදල් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය හරහා ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සුභසාධක කටයුතු සඳහා යෙදවීමට නියමිතය.

තවද මාධ්‍ය හමුව අතරතුරේදී අනුග්‍රාහකයින් විසින් අනුග්‍රාහකත්ව චෙක්පත් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාවට රොදර්හැම් සර්කිට් මීට් සංවිධායක කමිටුවේ සභාපති, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති ඇතුළු සියළුම අනුග්‍රාහක ආයතන හා සමාගම්වල ප්‍රධානීන් හා මාධ්‍ය වාර්තාකරුවන් සහභාගී වූහ.   






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි