රාමනාදන්පුරම් පෙර පාසල විවෘත කෙරේ
1:50pm on Thursday 4th August 2011
ඉරණමඩු රාමනාදන්පුරම් ප්‍රදේශයේ කුඩා දරුවන්ගේ  අනාගතය සාර්ථක කිරීම උදෙසා ඉදිකළ පෙර පාසල ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි 'විංග් කමාණ්ඩර්' හේලි රූපසිංහ මහතා විසින් අද (ජූලි 27) විවෘත කරන ලදි.

මෙම ව්‍යාපෘතිය ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරිතුමාගේ ප්‍රධානත්වයෙන් රීටා කන්‍යා සොයුරියගේ අදහසකට අනුව රාමනාදන්පුරම් ප්‍රදේශයේ ආරක්ෂක සේවයෙහි යේදී සිටින සියලුම ආරක්ෂක අංශයන්හි සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් නිම කරන ලද්දකි.

මෙම අවස්ථාවට ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරිතුමන් හා රීටා කන්‍යා සොයුරිය, ජනක වඩුමෙස්ටිගේ, ස්ටීෆ්න් කොලින්ස්, වික්‍රමසිංහ යන මහත්වරුන්ද, සියලුම නිළධාරීන් හා සේවා පුද්ගලයි, ප්‍රදේශවාසීන් සහභාගී වූහ.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි