විවෘත කාන්තා පාපන්දු තරඟාවලිය 2011
8:56am on Friday 5th August 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම 2011 විවෘත කාන්තා පාපන්දු ශූරතා තරඟාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම ජාතික මට්ටමේ තරඟයකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම තරඟාවලිය ජූලි 30වන දින ආරම්භ වූ අතර අවසාන මහා තරඟය අගෝස්තු 01වන දින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

කණ්ඩායම් 12කින් සමන්විත තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම පලමු වටයේදී මැදගම ක්‍රීඩා සමාජය 8-0, මහනුවර ක්‍රීඩා සමාජය 5-1 ලෙසත් අර්ධ අවසාන මහා තරඟයේදී කුරුණෑගල 3-0 ලෙසත් පරාජය කරමින් අවසාන පූර්ව තරඟයේදී පොලිස් කණ්ඩායමට එරෙහිව 1-0 ලෙස තරඟය ජය ගනිමින් අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී.

අවසාන මහා තරඟය යුධ හමුදා කණ්ඩායම සමග පැවැති අතර එහිදී 4-1 වශයෙන් යුධ හමුදා කණ්ඩායම ශූරතාවය හිමි කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ මහජන අධ්‍යක්ෂිකා රන්ජනි ජයකොඩි මහත්මිය, පාපන්දු සංගමයේ ප්‍රධාන විධායක නිළධාරි ක්‍රිෂාන්ත පෙරේරා මහතා, පාපන්දු සංගමයේ නියෝජ්‍ය විධායක නිළධාරි අනුර සිල්වා, කාන්තා පාපන්දු සංවර්ධන කමිටුවේ සභාපතිනි ඔලීවියා ගමගේ මහත්මිය හා ගුවන් හමුදා පාපන්දු සංචිතයේ ලේකම් ගෲප් කැප්ටන් සමන් කොටගේ යන අය සහභාගී වූහ.   




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි